News

තවත් 18ක් සුවය ලබයි

කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ පුද්ගලයින් 18දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබේ.

ඒ අනුව මෙරට තුළ සුවය ලැබූ සමස්ත කොවිඩ් පුද්ගලයින් සංඛ්‍යාව 3,296කි.

මෙරටින් අද දහවල් 1.00 වන විට වාර්තා වූ සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 4,488ක්.

ඉන් 1,197දෙනෙකු තවදුරටත් රෝහල් ගතව ප්‍රතිකාර ලබන බව වසංගත රෝග විද්‍යා ඒකකය සදහන් කරයි.