හෙදියගේ දියණිය නිසා වෛද්‍යවරු ICU එකේ නිරෝධානයට
පානදුර මූලික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ හෙද සොයුරියකගේ දියණියක කොරෝනා ආසාධිත රෝගියෙකු බවට අනාවරණ වී තිබේ.
ආසාදිතයා හඳුනා ගැනීමත් සමඟ එම දැඩි සත්කාර ඒකකය ඊයේ (09) රාත්‍රී සිට තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන ඇත.
එම දැඩි සත්කාර ඒකකය තුළ සේවය කරමින් සිටි වෛද්‍යවරු ඇතුළු කාර්ය මණ්ඩලයේ 10 දෙනෙකු පමණ එම දැඩි සත්කාර ඒකකය තුළම ස්වයං නිරෝධායනයට ලක්කළ බව පානදුර මූලික රෝහලේ අධ්‍යක්ෂක විශේෂඥ වෛද්‍ය ඉන්ද්‍රානි ගොඩකන්ද මහත්මිය පවසා ඇත.
ඔවුන් අද(10) පී.සී.ආර්. පරීක්ෂණයට භාජනය කරනු ලබයි.
