ඇඟලුම් ආයතනයට කොවිඩ් පැමිණි ආකාරය සොයන්න කමිටුවක්
මිනුවන්ගොඩ ඇගලුම් ආයතනයේ සේවකයන්ට කොවිඩ් 19 වයිරසය පැමිණි ආකාරය සෙවීමට කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් කමිටුවක් පත්කර ඇත.
මේ බව සම කැබිනට් ප්‍රකාශක වෛද්‍ය රමේෂ් පතිරණ මහතා සඳහන් කරනවා.
කම්කරු කොමසාරිස්වරයාගේ ප්‍රධානත්වයෙන් මෙම කමිටුව පත්කර ඇතැයි ද ඇමතිවරයා සඳහන් කරනවා.
සම කැබිනට් ප්‍රකාශකවරයා මේ බව සඳහන් කලේ රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (13) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අමතමින්.
