News

ආසාදිතයින් 11ක් සුවය ලබයි

කොවිඩ්-19 ආසාදනය වූ ආසාදිතයින් 11දෙනකු සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබේ.

වසංගත රෝග විද්‍යා ඒකකය සදහන් කළේ මේ වන විට 3,328ක් සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇති බවයි.

මේ වන විට මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 4,893ක් වන අතර, ඉන් 1552ක් තවදුරටත් රෝහල් ගතව ප්‍රතිකාර ලබන බව එම ඒකකය සදහන් කළේය.