තවත් ආසාදිතයින් 29ක් සුවය ලබයි
කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ ආසාදිතයින් 29දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබේ.
සෞඛ්‍ය අමාත්‍යංශය සදහන් කළේ මේ වන විට ආසාදිතයින් 3,357දෙනෙකු පූර්ණ සුවය ලබා ඇති බවයි.
අද (14) මධ්‍යහන 12.00 වන විට මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 5,038ක් වන අතර, ඉන් 1,668දෙනෙකු තවදුරටත් රෝහල් ගතව ප්‍රතිකාර ලබන බව සෞඛ්‍ය අමාත්‍යංශය වැඩිදුරටත් සදහන් කරයි.
