කටුනායක පොලිස් බල ප්‍රදේශයට ඇඳිරිනිතීය
කටුනායක පොලිස් බල ප්‍රදේශයට හෙට(15)දින උදෑසන 5.00 සිට ක්‍රියාත්මක වන පරිදි නැවාත දැනුම්දෙන තුරු නිරෝධන ඇඳිරි නීතිය පනවා තිබේ.
නිරෝධන ඇඳිරි නීතිය ක්‍රියාත්මක වුවද කටුනායක නිදහස් වෙළඳ කලාපයේ කර්මාන්ත ශාලාවන්ගේ කටයුතු පවත්වා ගෙන යා හැක.
ඒ සඳහා පැමිණිය යුතු සේවක සේවිකාවන්ට සිය ආයතනික හැඳුනුම්පත ඇඳිරි නීති බලපත්‍රයක් ලෙස භාවිතා කල හැකි බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

