හෙරොයින් සමඟ පෑලියගොඩදී දෙදෙනෙකු මාට්ටු
පෑලියගොඩ, තොරණ හන්දිය පිහිටි බස් නැවතුම්පොළේදී හොරයින් ග්රෑම් 40ක් සහ මිලි ග්රෑම් 350ක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරුව අත්අඩංගුවට ගෙන ඇත්තේ බස්නාහිර පළාත් උතුර දිසා බුද්ධි අංශය නිලධාරීන් විසින් වන අතර සැකකරුගෙන් වැඩිදුරටත් ප්රශ්න කිරීමේදී කාන්තාවක් විසින් මෙම හෙරොයින් තොගය ලබා දුන් බවට පැවසීමත් සමග අදාළ කාන්තාවද පෑලියගොඩ ප්රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු හා සැකකාරිය අද දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.