පොලීසියේ පොලිෂ් බාල වෙලා
අසූ පන්දහසක් වූ පොලිස් නිලධාරීන්ගේ සපත්තු හා බඳ පටි වර්ණ ගැන්වීමට ලබාදෙන සපත්තු ආලේපන (පොලිෂ්) බාලතත්ත්වයෙන් පැවතීම නිසා ඔවුහු දැඩි ගැටලුවකට මුහුණ පා සිටිති.
මෙතෙක් කලක් ලබා දුන් සපත්තු පොලිෂ් වර්ගය වෙනුවට මෙවර නව වර්ගයක් ලබා දී ඇතිඅතර ඒවා ආලේප කිරීමෙන් පසු දිලිසෙන තත්ත්වයට පත්නොවීම නිසා ඉහළ නිලධාරීන්ගෙන් පවා නොයෙකුත් අපහසුතාවන්ට පත්වීමට සිදුව ඇත.
වර්ෂයකට මිලි ග්රෑම් 50 සපත්තු පොලිස් ටින් හතරක් ලබාදෙන අතර සපත්තුවලට අමතරව බඳපටිද ඉන් වර්ණ ගැන්විය යුතුය. මේ සම්බන්ධයෙන් පොලිස් සැපයුම් අංහයටද කණිෂ්ඨ පොලිස් නිලධාරීන්ගේ සංගමය පැමිණිළි කර ඇති බව වාර්තාවේ.
චමින්ද සේනාරත්න
