මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍ය ධූරයෙන් ඉවත්වීමට තීරණය කරයි
මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධූරයෙන් හෙට දිනයේ ඉවත් වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පවසනවා.
මහින්ද රාජපක්ෂ මහතා හෙට දිනයේ විශේෂ ප්‍රකාශයක් ද සිදුකිරීමට නියමිත බවයි අබේවර්ධන මන්ත්‍රීවරයා සදහන් කළේ.
මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ අද පස්වරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහ මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.