ඒ අම්මාගේ දරුවො තුන්දෙනාම වගා ළිඳට බිලිවේ
ගලේවෙල රන්වැඩියාව, කොස්පොත ඇළ ප්රදේශයේ කුඹුරු වගාවට ජලය ගැනීම සඳහා කැපූ ළිඳක වැටී එකම පවුලේ ළමුන් තිදෙනෙකු අද (19) මියගොස් තිබේ.
එකම පවුලේ වයස අවුරුදු 15 ක් හා 12 ක් වන ගැහැණු ළමුන් දෙදෙනෙකු හා ඔවුන්ගේ 7 හැවිරිදි සහෝදරයා මිය ගොස් තිබේ.
උදෑසන සිට ළමුන් තිදෙනා අතුරුදන්ව සිටි බැවින් ඒ පිළිබඳව සොයා බැලීමේ දී එම ළිඳ තුළ තිබී ඔවුන්ගේ සිරුරු සොයා ගෙන තිබෙන අතර මෘත ශරීර මේ වන විට ගලේවෙල රෝහලේ තැන්පත් කර ඇත.
සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ගලේවෙල පොලීසිය සිදුකරයි.
