පුරාවස්තු ලබාගැනීමේ අරමුණින් කැණීම් කළ 08දෙනෙකු මාට්ටු
ඇතිමලේ, බෝගස්යාය ප්රදේශයේ පුරා වස්තු ලබා ගැනීමේ අරමුණින්සි කැණීම් කටයුතු සිදු කළ පුද්ගලයින් 08දෙනෙකු කැණීම් උපකරණ සහ පූජා භාණ්ඩ සමඟ අත්අඩංගුවට ගෙන ඇත.
ඊයේ(14) සවස 6.00ට පමණ අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන් ඇතිමලේ, ඇඹිලිපිටිය, උඩවලව, ගලෙන්බිඳුනුවැව, මොණරාගල, හුලංනුගේ ප්රදේශවල පදිංචිකරුවන් වන අතර අද(15) දින සියඹලාන්ඩුව මහේස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
එම සිද්ධිය සම්බන්ධයෙන් ඇතිමලේ පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වාගෙන යනු ලබයි.