පොලිස් පොඩ්ඩන් 28000කට ළඟදීම උසස්වීම්
පහළ ශ්‍රේණියේ පොලිස් නිලධාරීන් විසි අට දහසකට ළඟදීම උසස්වීම් ලබාදීමට නියමිත බව පොලිස්පති පූජිත් ජයසුන්දර පසුගියදා කනිෂ්ඨ පොලිස් නිලධාරීන්ගේ සංගමයේ විශේෂ මහා රැස්වීමේදී පවසා තිබේ.
පොලිස් කොස්තාපල් තනතුරේ සිට ප්‍රධාන පොලිස් පරීක්ෂක තනතුර දක්වා වූ පහළ ශ්‍රේණියේ නිලධාරීන් සඳහා මෙම උසස්වීම් ලබාදීමට නියමිතය.
පසුගියදා පහළ ශ්‍රේණියේ නිලධාරීන්ට ලබාදුන් උසස්වීම්වලින් සියයට හැටක්ම ලබාදී ඇත්තේ ජනාධිපති, අගමැති, ඇමැති ආරක්ෂක කොට්ඨාසයේ නිලධාරීන්ට හා විශේෂ විමර්ශන ඒකකවල සේවය කරන අයටය. ඉතිරි සියයට හතළිහ පොලිස් කොට්ඨාස 42ක නිලධාරීන්ට ලබාදීම නිසා එම නිලධාරීන්ට අසාධාරණයක් වී ඇති බව එම සංගමය පවසයි.
මධුභාෂණ හේරත්