ගාල්ල ධීවර වරායේ සේවකයින්ට PCR පරීක්ෂණ
ගාල්ල ධීවර වරායේ ධීවරයන් ඇතුළු අනෙකුත් සේවකයන් සඳහා ගාල්ල මහ නගර සභා සෞඛ්‍ය අංශයේ මෙහෙයවීමෙන් පීසීආර් පරීක්ෂණ අද (22) සිදු කර ඇත.
අද දිනයේ ධීවර වරායේ සිටි 166 දෙනකුගේ ජෛව සාම්පල ලබාගත් ගත් බව ගාල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.
පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයට වෙළෙඳ කටයුතු සඳහා නිරන්තරයෙන් ගාල්ල ධීවර වරායේ සිට රථ වාහන ගමන් කරන බැවින් ගාල්ල ධීවර වරායේ කළමනාකාරීත්වය සහ ගාල්ල ධීවර සමිති මගින් සෞඛ්‍ය අංශ වෙත කළ ඉල්ලීමක් අනුව අද දින ගාල්ල ධීවර වරායේ සේවකයින්ගේ PCR සාම්පල ලබා ගෙන ඇත.
ඊයේ (21) දින පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණය වෙත ගමන් ගත් රථවල රියැදුරන් සෞඛ්‍ය අංශ මගින් නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කර ඇත.
ගාල්ල ධීවර වරායට පිට ප්‍රදේශවලින් මාළු ගෙනයාමට පැමිණි ලොරි කිසිවකට අද ඇතුළුවීමට අවසර ලබා දී නොමැති අතර එලෙස පැමිණි ධීවරයන් පිරිසක් ද පීසීආර් පරීක්ෂණ සඳහා යොමු කර ඇති බව වාර්තා වේ.
