වහපු මයික්‍රොසොෆ්ට් යළි විවෘත කිරීම ලබන වසරේ
කොවිඩ් ව්‍යාප්තියත් සමග වසා දැමු මයික්‍රොසොෆ්ට් ආයතනයේ ඇමරිකා එක්සත් ජනපද කාර්යාලය නැවත විවෘත කිරීම ලබන වසර දක්වා කල් ගොස් ඇත.
මේ අනුව 2021 වර්ෂයේ ජූලි මාසය දක්වා කල් දමා ඇත.
කොවිඩ් ව්‍යාප්තියත් සමඟ පසුගිය මාර්තු මාසයේ වසා දැමුණ එම 2021 වසරේ ජනවාරි විවෘත කරන බව පැවසුනත් එය නැවත වෙනස් කර තිබෙනවා.
මේ බව ඔක්තෝබර් 21 දින, මයික්‍රොසොෆ්ට් ප්‍රධානීන් කණ්ඩායම විසින් නිකුත් කරන ලද විද්‍යුත් තැපැල් පණිවුඩයක එම දිනය 2021 වර්ෂයේ ජූලි 06 ලෙස එහි දක්වා ඇත.
මයික්‍රොසොෆ්ට් සමාගම ද මේ වසරේ මාර්තු සිට සිය කාර්යාල කටයුතු සේවකයන්ට තම නිවෙස් වල සිට කරන ලෙස හා අර්ධ කාලීනව ආයතයේ සේවය කරන ලෙස අවස්ථාව ලබා දී තිබුණා.
ඇමරිකාවෙන් පිටත සිටින සේවකයන්ට නැවත කාර්යාලයට පැමිණිමේ දිනයක් ලබාදී නොමැති අතර රජයේ බලධාරීන්ගේ තීරණය අනුව කටයුතු කරන ලෙස දැනුම් දී ඇත.
