මදුෂ් ඝාතනයට එරෙහිව නඩු දායි
සමරසිංහ ආරච්චිලාගේ මධූෂ් ලක්ෂිත නොහොත් සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බවට සැකකෙරෙන මාකඳුරේ මධුෂ්ගේ ඝාතනය සම්බන්ධයෙන් මුලික අයිතිවාසිකම් නඩුවක් ද ඉදිරියේදී ගොනු කරන බව සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව පවසයි.

නීතිඥ සේනක පෙරේරා
එම කමිටුවේ සභාපති නීතිඥ සේනක පෙරේරා මහතා පෙන්වා දෙන්‌නේ පොලිස් අත්අඩංගුවේ සිටි සැකකරුවකු මහමගදී ඝාතනයට ලක් වීමබරපතල ලෙස සැක මතු කරන බවයි.
සැකකරුවෙකුට එරෙහිව කුමන චෝදනා පැවතියත් රටක පුරවැසියෙකු ලෙස ඔහුට අකටයුත්තක් හෝ අසාධාරණයක් සිදු නොවිය යුතු බව නීතිඥ සේනක පෙරේරා මහතා පවසයි.
මාකඳුරේ මධුෂ්ගේ මරණය සිදු වු ආකාරය පිළිබදව මෙරට පොලීසිය සිදුකරන පැහිදිලි කිරීම බරපතල සැක මතු කරන බව ඒ මහතා පෙන්වා දෙයි.
ඊට හේතුව ලෙස ඔහු සදහන් කරන්නේ අත්අඩංගුවේ සිටින සැකකරුවකු සිවිල් සමාජයේ සිටින පිරිසක් යම්කිසි ස්ථානයට හමුවීමට පැමිණෙන ලෙස කරන ඉල්ලීම එය කැදවනු ලබන පුද්ගලයන්ගේ සැකයට හේතු වන බව නීතිඥ සේනක පෙරේරා මහතා පෙන්වා දෙයි.
මේ පිළිබද අප සමග නීතිඥ සේනක පෙරේරා මහතා කළ සංවාද පහතින්….

