රු. මිලියන 388ක් වටිනා හෙරොයින් තොගයක් සමග බංග්ලාදේශ තරුණියක් දෙහිවලදී අත්අඩංගුවට
රුපියල් මිලියන 388ක් වටිනා හෙරොයින් තොගයක් සමග බංග්ලාදේශ තරුණියක් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ නිලධාරීන් ලද තොරතුරක් මත දෙහිවල ගාලුපාර පිහිටි පුද්ගලික අවන්හලක් අසලදී හෙරොයින් කිලෝග්‍රෑම් 01ක් සමග මෙම සැකකාරිය අත්අඩංගුවට ගත් බවයි පොලීසිය පැවසුවේ.
අනතුරුව ඇයගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීමේදී ඇය කුලියට පදිංචිව සිටි රත්මලාන ප්‍රදේශයේ පිහිටි නිවසක් පරීක්ෂා කිරීමේදී එහි සගවා තිබියදී තවත් හෙරොයින් කිලෝග්‍රෑම් 31ක් සහ ග්‍රෑම් 329ක් සොයාගෙන තිබෙනවා.
ඒ අනුව මෙම සැකකාරියගෙන් කිලෝග්‍රෑම් 32ක් සහ ග්‍රෑම් 329ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙහි මුළු වටිනාකම රුපියල් මිලියන 388ක් පමණ වන බවයි පොලීසිය පවසන්නේ.
අත්අඩංගුවට ගත් සැකකාරිය වයස අවුරුදු 23ක් වූ Surjo Moni නමැති තරුණියක්.
ඇය අද ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය වැඩිදුර විමර්ශන පවත්වාගෙන යනු ලබනවා.