තවත් ආසාදිතයින් 263ක් හඳුනාගැනේ
කොවිඩ්-19 වෛරසය ආසාදනය වු තවත් ආසාදිතයින් 263දෙනෙකු හඳුනාගත් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
ඉන් ආසාදිතයින් 227දෙනෙකු පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයෙන් හඳුනාගත් අය වන අතර, අනෙක් ආසාදිතයින් 36දෙනා නිරෝධායන මධ්‍යස්ථාන වලින් හමුවූ අය බව යුද හමුදාපතිවරයා වැඩිදුරටත් සදහන් කළේය.

