News

16වන කොවිඩ් මරණය වාර්තා වෙයි

කොළඹ ජාතික රෝහලේ දැඩිසත්කාර ඒකකයේදී අද(25) අලුයම මිය ගිය මිය ගොස් ඇති රෝගියෙකු කොවිඩ් ආසාදිතයෙකු බව තහවුරු වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා දැනුම්දෙයි.

මෙම මිය ගිය පුද්ගලයා වයස අවුරුදු 70ක පිරිමි පුද්ගලයෙක් වන අතර කොළඹ 02 ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

පසුගිය 23වනදා රුධිරයට විෂබීජයක් ඇතුල් වීම හේතුවෙන් ඇති වූ සංකූලතා මත කොළඹ ජාතික රෝහලට ඇතුලත් වී ඇත.

එම රෝගියා මිය ගොස් ඇත්තේද එම සංකූලතාවය හේතුවෙන් බව සෞඛ්‍ය අංශ පවසයි.

මෙය ශ්‍රී ලංකාවෙන් වාර්තා වන 16 වන කොවිඩ් ආසාදිත පුද්ගලයෙකුගේ මරණය ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා තහවුරු කරයි.