News

දෙහිඕවිට ගම් 5ක් හුදකලා කෙරේ

දෙහිඕවිට ප්‍රදේශයේ පදිංචි මාළු වෙළෙන්ඳන් 07කට සහ ඉන් එක් අයෙකුගේ බිරිඳකට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව හඳුනාගෙන තිබේ.

මොවුන් සියලුදෙනාම පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණයේ ආශ්‍රිතයන් වේ.

ඒ අනුව දෙහිඕවිට, ඉහළ තල්දූව , පහළ තල්දූව, ඇපලපිටිය සහා තිඹිරිපොල යන ග්‍රාම නිලධාරීන් වසම් නැවත දැනුම්දෙනතුරු හුදෙකලා ගම්මාන බවට පත්කළ බව දෙහිඕවිට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීනිය පවසයි.