News

විපක්ෂ නායක ධූරයට හිටපු ජනපති මහින්ද රාජපක්ෂව නම් කරන බව දිනේෂ් කියයි

පාර්ලිමේන්තු විපක්ෂ නායක ධුරයට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පත් කිරීමට තීරණය කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා.

ඒ පිළිබදව මෙන්ම එක්සත් ජනතා නිදහස් සන්ධානය පාර්ලිමේන්තුවේ විපක්ෂයේ අසුන් ගන්නා බවට කථානායකවරයා දැනුම්වත් කිරීමට බලාපොරොත්තු වන බවයි මන්ත්‍රීවරයා පැවසුවේ.

මේ අතර හෙට දිනයේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරුන් අතර සාකච්ඡා කිහිපයක්ව පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ලබන 18 වැනි අගහරුවාදා පෙරවරුවේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම පැවැත්වීමට නියමිත අතර එහිදී වැදගත් කරුණු කිහිපයක් පිළිබදව සාකච්ඡා කිරීමට නියමිත බවට තොරතුරු වාර්තා වනවා.