දිනක් තුළ කඩුවෙලින් කොවිඩ් ආසාදිතයින් 32ක්
ගතවූ පැය 24 තුළ කඩුවෙල බල ප්‍රදේශයෙන් කොවිඩ්-19 ආසාදිතයින් 32දෙනෙකු වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අංශ තහවුරු කරයි.
එම ආසාදිතයින්ගෙන් 19දෙනෙකු කඩුවෙල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් සහ ආසාදිතයින් 13දෙනෙකු බත්තරමුල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් වාර්තා වේ.
කඩුවෙල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ…
කඩුවෙල, සමගිපුර, හෝකන්දර උතුර සහ නැගෙනහිර කොරතොට, පහළ බෝමිරිය, ඉහළ බෝමිරිය, නවගමුව රණාල, වැලිවිට, හෝමාගම
බත්තරමුල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ….
කලපළුවාව, තලංගම, කොස්වත්ත, පැලවත්ත, වික්‍රමසිංහපුර
යන ප්‍රදේශ වලින් මෙලෙස කොවිඩ් ආසාදිතයින් වාර්තා වන බව සෞඛ්‍ය අංශ පැවසීය.
අදාළ ආසාදිතයින්ගෙන් ආශ්රිත පවුල් ද මේ වන විට හදුනාගෙන ඇති අතර, ඒ අනුව පවුල් ඒකක 332ක් ස්වයං නිරෝධායනයට යොමු කර ඇත.
