පෑලියගොඩ පොකුරේ ආසාදිතයින් තවත් සතිපොළක් වසා දමයි
ඇඹිලිපිටිය සතිපොළ හා විදි වෙළදාම තාවකාලිකව නැවත්විමට ඇඹිලිපිටිය නගර සභාව පියවර ගෙන තිබේ.
ඇඹිලිපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය සදහන් කළේ ඇඹිලිපිටිය ප්රශේයෙන් කොවිඩ් ආසාදිතයින් දෙදෙනෙකු හදුනාගැනීමත් සමග මෙම පියවර ගත් බවයි.
ඒ අනුව අද (27) දින සිට එම සතිපොළ සහ වීදි වෙළදාම තාවකාලිකව නතර කර ඇත.
එම ආසාදිතයින් පෑලියගොඩ මත්ස්‍ය වෙළෙද මධ්‍යස්ථානයට සම්බන්ධ මාලු වෙළෙදුන් බවත්, ඔවුන්ගේ ආශ්‍රිතයින් 170ක් පමණ මේ වන විට ස්වයං නිරෝධායනයට යොමු කර තිබේ.
