විපක්ෂ නායක ධුරයේ වෙනසක් – අනුරගේ ධුරයත් ගිලිහෙයි
ඉදිරි පාර්ලිමේන්තු රැස්වීමේදී විපක්ෂ නායක ධුරය හා විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ධුරය වෙනස් වීමට නියමිත බවට තොරතුරු වාර්තා වේ.
අගමැති ධුරය වෙනස් වුවත් නැතත් පාර්ලිමේන්තුවේ එම තනතුරු දෙක වෙනස් වන බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
වැඩිම මන්ත්‍රීධුර සංඛ්‍යාවක් හිමි පක්ෂයට විපක්ෂ නායක ධුරය හා විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ධුරය හිමිවීම සම්බන්ධයෙන් තීරණය පැවරේ.
දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් විපක්ෂ නායක ධුරයත්, ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ධුරය මේ වන විට දරයි.
දෙමළ ජාතික සන්ධානයේ දැනට සිටින මන්ත්‍රීවරුන් 15 දෙනා පසුගියදා එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ අගමැති කිරීමට සහාය පළ කළේය.
ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන් හයක් පාර්ලිමේන්තුවට නියෝජනය කරයි.