කොරෝනා අවදානම පානදුරේ මාර්ග හයකටත් යයි
පානදුර නගර සීමා බල ප්‍රදේශයේ මාර්ග හයක වෙළෙදසැල් වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන තිබේ.
පානදුර නගරාධිපති නන්දන ගුණතිලක මහතා පැවසුවේ මාකට් පාර, ජනප්‍රිය මාවත, ආතර් වී දියෙස් මාවත, ධර්ම ශාලාව පාර, විජේසූරිය මාවත හා ජයතිලක මාවත යන මාර්ගවල පිහිටි සියලුම වෙළඳසැල් මෙලෙස වසා තැබෙන බවයි.
කොවිඩ්-19 වෛරස ආසාදනය වූ ආසාදිතයින් තිදෙනෙකු පානදුර නගරය ආසන්නයෙන් හදුනාගැනීම හේතුවෙන් මෙම තීරණය ගෙන තිබේ.
එමෙන්ම ඊයේ දිනයේදී පී.සී.ආර්. පරීක්ෂණ සිදුකර අදාළ වෙළෙදසැල්වල ව්‍යාපාරිකයන් සහ සේවකයන් සැරි සැරීම වැළැක්වීමේ අරමුණින් මෙම පියවර ගෙන ඇති බවට තොරතුරු වාර්තා වේ.
