News

ඇඳිරිනීතිය ඇති ප්‍රදේශවල ජනාතාවට භාණ්ඩ මිලදී ගන්න වෙලාවක්

නිරෝධායන ඇඳිරිනීතිය පනවා ඇති ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්කවල අත්‍යවශ්‍ය භාණ්ඩ වෙළෙඳසැල් සහ ඖෂධසැල් සඳුදා සහ බ්‍රහස්පතින්දා දිනවල පෙරවරු 8.00 සිට රාත්‍රී 10.00 දක්වා විවෘතව තැබෙන බව යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරනවා.

තවද කොළඹ සහ කුරුණෑගල දිස්ත්‍රික්කවල අඟහරුවාදා සහ සිකුරාදා දිනවල පෙරවරු 8.00 සිට රාත්‍රී 10.00 දක්වා වෙළෙඳසැල් සහ ඖෂධසැල් විවෘත තැබෙන බවද සඳහන් කරනු ලැබුවා.