News

නව අගමැති රනිල්ට නාමල් රාජපක්ෂ සුබ පතයි

අද පෙරවරුවේ අග්‍රාමාත්‍ය ධූරයේ දිවුරුම් දුන් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා විසින් සුබ පැතුම් එක් කර තිබෙනවා.

ඒ නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ නිල ට්විටර් ගිණුම මගින්.

එහිදී වැඩිදුරටත් නාමල් රාජපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා සදහන් කර ඇත්තේ මේ අවස්ථාවේදීවත් රනිල් වික්‍රමසිංහ මහතා බටහිර වෙනුවෙන් කටයුතු නොකර රටේ සෛවරීත්වයට හා ජනතාව මුහුණ දී ඇති ගැටළුවලට විසදුම් ලබාදෙනු ඇති බලාපොරොත්තුවන බවයි.