News

නාවික හමුදා රගර් ක්‍රීඩකයෙක්ට කොරෝනා

නාවික හමුදා රගර් කණ්ඩායමේ සාමාජිකයකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇත.

වත්තල ප්‍රදේශයේ පදිංචිකරුවකු වන මොහු පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳසලට ගොස් ඇති බව විමර්ශනවලදී හෙළි වී තිබේ.

මෙම ක්‍රීඩකයා වැලිසර කඳවුරට අනුයුක්තව සිටියදී කොරෝනා වයිරසය පැතිරයාමත් සමග එහි සිටි සියලුම ක්‍රීඩකයන් නිවෙස්වලට යැවීමට නාවික හමුදාව පියවර ගෙන ඇත.

මාස තුනකට අධික කාලයක් මොහු නිවසේ සිට ඇති බව හමුදාව පවසයි.

හේමන්ත ලියනපතිරණ