News

අමෙරිකානු රාජ්‍ය ලේකම් විදේශ ඇමති හමුවෙයි

අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ සහ විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අතර ද්විපාර්ශ්වික සාකච්ඡා මේ වන විට ආරම්භවී තිබේ.

ඒ විදේශ කටයුතු අමාත්‍යංශයේදීයි.

මෙම සාකච්ඡාවෙන් අනතුරුව මයික් පොම්පියෝ මහතා සහ දිනේෂ් ගුණවර්ධන මහතා ඒකාබද්ධ මාධ්‍ය සාකච්ඡාවක් ද පැවැත්වීමට නියමිතයි.