News

PCR ප්‍රතිඵල ප්‍රමාදය නිසා ජාතික රෝහලේ අර්බුධයක්

කොළඹ ජාතික රෝහලේ රෝගීන්ගේ පීසීආර් පරික්ෂණ වාර්තාවන් නිකුත් වීම ප්‍රමාද වීම හේතුවෙන් රෝගීන් ඇතුලත් කර ගැනීමේ බරපතල ගැටලුවක් මතුව ඇතැයි රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි.

ජාතික රෝහලේ කොවිඩ් නොවන රෝගීන් නේවාසිකව ප්‍රතිකාර ලබා නිවෙස් වෙත පිටත් කර හැරීමට පෙර අහඹු ලෙස ‌‌‌තෝරාගෙන සිදුකරන පීසීආර් පරික්ෂණ වාර්තාවන් ලැබීමට ප්‍රමාද වීම හේතුවෙන් රෝගීන් නිවෙස් වෙත හැරීමට නොහැකි වී ඇතැයි ද මේ හේතුවෙන් අලුතින් ප්‍රතිකාර සදහා පැමිණෙන රෝගීන්ව ඇතුලත් කර ගැනීමට ගැටලු මතුව ඇතැයි රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය.

පසුගිය සතියේ (24) සිදුකල පීසීආර් පරික්ෂණයේ වාර්තාවන් ප්‍රමාද වී ලැබෙන විටත් එම පුද්ගලයා නිවස වෙත පිටත් කර හැර ඇතැයිද හෙතෙම පැවසීය.

ශ්‍රියානි විජේසිංහ