News

ෂරියා විශ්වවිද්‍යාලය කොරෝනා රෝගීන්ට

මඩකළපුව පුනානී ප්‍රදේශයේ පිහිටි ෂරියා විශ්ව විද්‍යාලය කොරෝනා රෝගීන් සඳහා ප්‍රතිකාර ලබාදෙන කොවිඞ් 19 විශේෂ ප්‍රතිකාර මධ්‍යස්ථානයක් බවට අද (28) සිට පත් කර ඇති බව වාර්තා වේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ උපදෙස් පරිදි මෙම මඩකළපුව ෂරියා විශ්ව විද්‍යාලය කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා සූදානම් කර ඇත.

ඒ අනුව රෝගීන් 1200කට ප්‍රතිකාර ලබාදීමේ පහසුකම් එහි සලසා ඇති බව පොළොන්නරුව මහ රෝහලේ අධ්‍යක්‍ෂ විශේෂඥ වෛද්‍ය සම්පත් ඉන්දික කුමාර මහතා පවසයි.

පොළොන්නරුව මහ රෝහල මගින් එහි පරිපාලන කටයුතු කෙරෙන අතර වෛද්‍යවරුන් හෙද හෙදියන් ඇතුළු සියලුම සෞඛ්‍ය කාර්ය මණ්ඩලය පොළොන්නරුව දිස්ත්‍රික් රෝහල මගින් සපයා ඇත.