News

දක්ෂිණ අධිවේගීයේ බස් ධාවනය සීමා කෙරේ

දක්ෂිණ අධිවේගී මාර්ගයේ බස් රථ ධාවනය හෙට (29) සිට සීමා කිරීමට ජාතික ගමනා ගමන කොමිෂන් සභාව තීරණය කර තිබේ.

මේ වන විට කඩවත පිවිසුමේ සිට අධිවේගී මාර්ගයේ බස් රථ ගමන් ආරම්භ නොකරන බව එම කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජෙනරාල් කපිතාන් නිලාන් මිරැන්ඩා සදහන් කළේය.

අද දිනයේ කඩුවෙල පිවිසුමේ සිට පමණක් සාමාන්‍ය පරිදි අධිවේගී මාර්ගයේ බස් ධාවනය සිදුවන බව ඔහු වැඩිදුරටත් පැවසීය.