News

පොලීසියේ තවත් 21කට කොවිඩ්

බස්නාහිර පළාත තුළ තවත් පොලිස් නිලධාරීන් 21 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.

ඒ අනුව බස්නාහිර පළාතෙන් මෙතෙක් හඳුනාගෙන ඇති ආසාදිත පොලිස් නිලධාරීන් ගණන 43 දක්වා ඉහළ ගොස් ඇත.

නිරෝධායන මධ්‍යස්ථාන වෙත නිලධාරීන් 122 දෙදෙනෙක් යොමුකර ඇති අතර නිලධාරීන් 771ක් ස්වයං නිරෝධායනයට යොමුකර තිබේ.

පොලිස් නිලධාරීන් නිරෝධායනය සඳහා විශේෂ නිරෝධායන මධ්‍යස්ථාන පවතින බවත් පූණානි සහ කුණ්ඩසාලේ පොලිස් රෝහල් එම නිලධාරීන්ට ප්‍රතිකාර සඳහා වෙන් කර ඇති බවත් අනියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා සඳහන් කළේය.

මේක පොලීසිය තුළ ව්‍යාප්ත වීම වැළැක්වීමට අවශ්‍ය සෑම පියවරක්ම පොලිස්පතිවරයාගේ නියෝග මත ගෙන ඇති අතර කුමන හේතුවක් නිසාවත් පොලිස් රාජකාරි අඩපණ වීමක් සිදු නොවන බව නියෝජ්‍ය පොලිස්පතිවරයා මහතා වැඩිදුරටත් සඳහන් කරයි.