දොස්තරලා වෙනුවට අලි එන නිරෝධායන මධ්‍යස්ථානයක්
නිරෝධායන මධ්‍යස්ථානයක නිරෝධායනය වෙමින් සිටින පිරිසක් තමන්ට විදින්නට සිදු වී ඇති ගැහැට පිළිබඳ ප්‍රසිද්දියේ කියන වීඩියෝවක් මේ වන විට සමාජමාධ්‍ය ඔස්සේ හුවමාරු වෙමින් පවතී.
නිරෝධායන මධ්‍යස්තානය වෙත ගෙනත් ඇරළු දා සිට කිසිදු වෛද්‍යවරයෙක් තමන් පරීක්ෂා නොකළ බවත් දින දින මධ්‍යස්ථානයට අලුතින් එන පිරිස නිසා තමන් කොරෝනා රෝගය වැලදීමේ අවදානමක සිටින බවත් ඔවුන් කියයි. නිවසේ ඉන්න දුන්නානම් තමන් අවශ්‍ය ඖෂධ ගන්නා බවත් කියන ඔවුන් අඩුම තරමේ වේදනා නාශක පෙත්තක්වත් ලබා දීමට කෙනෙක් නැති බව කියයි.
මේ වන විට තමන් වන අලි තර්ජනයකටද මූන පා සිටින බව කියන මොවුන් රජයට දෙන පනිවිඩය පහත වීඩියෝවෙන් බලන්න.
