News

කොවිඩ් ආසාදිතයා මාතෘ සායනයකට ගිහිල්ලා

වැල්ලම්පිටිය ප්‍රදේශයේ භාණ්ඩ අපනයනය කිරීමේ ආයතනයක සේවකයෙකුට කොවිඩ් ආසාදිත වී ඇත. එම ආසාදිතයා සහ තවත් ඔහු සමඟ සේවා ස්ථානයේ සේවය කරන සේවකයන් 50 දෙනෙකු පසුගිය 27දා PCR පරීක්ෂණය කට යොමුකර ඇත.

අනතුරුව කළ සොයා බැලීම් වලදී PCR පරක්ෂණ වාර්තා ලැබීමට පෙර තම ගැබිනි බිරිඳ සමඟ කාසල් රෝහලේ ගැබිනි මාතෘ සායනය වෙත ගොස් පසුව මීගොඩ ප්‍රදේශයේ පිහිටි බිරිඳගේ නිවස වෙත ද ගොස් තිබේ.

පසුව ඊයේ (29) එම පුද්ගලයා නැවත සිය රැකියා ස්ථානය වෙත පැමිණි අවස්ථාවේ දී ඔහුට වෛරස ආසාදනයට ලක්ව ඇති බවට දැනුම් දී ඇත.

සෞඛ්‍ය අංශ දැනුවත් කිරීමෙන් පසුව එම ආසාදිතයාගේ ආශ්‍රිතයින් නිරෝධායනය සඳහා යොමු කිරීමට පියවර ගත් බව කහතුඩුව වැඩබලන මහජන සෞඛ්‍ය පරීක්ෂක පී.සමරසේකර මහතා සඳහන් කරනවා.