News

කැල්කියුලෙටර් අරගෙන විභාගයට එන්නැයි විභාග කොමසාරිස් ජනරාල් කියයි

හෙට දිනයේ (31) පවත්වනු ලබන උසස් පෙළ ගිණුම්කරණය විෂය සඳහා මේ වසරේ සිට සිසුන්ට අමතර සුදුකමක් ලෙස සාමාන්‍ය ගණක යන්ත්‍ර (කැල්කියුලෙටර් ) භාවිතයට අවස්ථාව ලබාදෙන බව විභාග කොමසාරිස් ජනරාල් බී. සනත් පූජිත මහතා සඳහන් කරනවා. කෙසේ වෙතත් වැඩසටහන් සැලසුම් කල හැකි ගණක යන්ත්‍ර භාවිතය අවසර ලබා නොදෙන බව විභාග කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කරනවා.

කෙසේ වෙතත් සාමාන්‍ය ගණක යන්ත්‍ර ගිණුම්කරණය විෂය සඳහා භාවිතයට අවසර දීම සම්බන්ධයෙන් කිසියම් ගැටලුවක් වෙතොත් විභාග දෙපාර්තමේන්තුවෙන් විමසීම් කළ හැකි බව ඔහු වැඩි දුරටත් සඳහන් කරනවා.