News

මෙරට සිදු කළ PCR ප්‍රමාණය ලක්ෂ 5 ඉක්මවයි

මෙරට තුළ සිදුකර ඇති සමස්ථ පී.සී.ආර්. පරීක්ෂණ ප්‍රමාණය ලක්ෂ 5ක් බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

ඊයේ(30) දිනයේදී පමණක් පී.සී.ආර්.පරීක්ෂණ 12,106ක් සිදු කර ඇති අතර දිනක් තුළ මෙරට දී සිදුකළ වැඩිම පී.සී.ආර්. පරීක්ෂණ සංඛ්‍යාව ඊයේ (30) දිනය තුළ සිදුකළ බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය වැඩිදුරටත් පවසයි.