ඉපලෝගම දී කාන්තාවක් යටකරගෙන මෝටර් රථයක් පලාගිහින්
අධික වේගයෙන් ධාවනය වූ මෝටර් රථයක් ඉපලෝගම – ගෝනපතිරාව ප්රදේශයේදී කාන්තාවක් යටකර පළා ගොස් ඇත.
මෙම අනතුරින් මියගොස් ඇත්තේ 76 හැවිරිදි කාන්තාවක් වන අතර ඊයේ (30) පස්වරුවේ මෙම රිය අනතුර සිදුව ඇත.
මියගිය කාන්තාව සේනපුර – නාරංගල්ලේගම ප්රදේශයේ පදිංචි කරිනියක් වන අතර රථයේ රියදුරා කැකිරාව ප්රදේශයේදී පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.
