News

පන්සලට ආව අලියා දරුවා මරයි

වන අලි ප්‍රහාරයකින් පුත්තලම කරුවලගස්වැව රජවිගම ගම්මානයේ වයස අවුරුදු හතරක දරුවකු මිය ගොස් ඇති බව කරුවලගස්වැව පොලීසිය කියයි.

කරුවලගස්වැව රජවිගම ගලපිටගම විහාරස්ථානයේ බෝධි පුජාවකට සහභාගි වෙමින් සිටින අවස්ථාවක දී පස්වරු 6.30 පමණ මෙම විහාරස්ථානයට කඩා වැදුණු වන අලියා පහරදීමෙන් මෙම දරුවා තුවාල ලබා ඇත.

තුවාල ලැබු මෙම දරුවා ආණමඩුව රෝහලට ඇතුලත් කිරීමෙන් පසුව මිය ගොස් ඇති බව වාර්තා වේ.

විහාස්ථානයේ වැලි මළුවට වන අලියා කඩාවැදීමත් සමග සැදෑහවතුන් කලබලයට පත්ව දිවගොස් තිබේ.

ඒ අතරතුර වයස අවුරුදු හතරක් වූ මෙම පුංචි දරුවාට සිය මව මගහැරී ඇත.

දරුවා වැලි මළුවෙන් පිටතට දිවයන අවස්ථාවේ වන අලියා දරුවා පාගා ඇති අතර, විහාරස්ථාන භූමියට පැමිණි සිටි පිරිස මහත් පරිශ්‍රමයක් දරා අලියා එම ස්ථානයට එළවා දමා තිබේ.

මෙම සිදුවීමෙන් පසු දරුවාගේ මව පුංචි පුතු සොයා බලන විට දරුවා වන අලියාගේ පහරකෑමට ලක්ව අවසන්.