බුලත්කොහුපිටියේ 11කට කොවිඩ්
බුලත්කොහුපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය තුළ කොවිඩ් 19 ආසාදිතයින් 11 දෙනෙකු හඳුනාගෙන තිබේ.
බුලත්කොහුපිටිය ප්‍රදේශයේ පී.සී.ආර් පරීක්ෂණ සිදු කළ 30දෙනෙකුගෙන් 11 දෙනෙකුට මෙලෙස වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී ඇත.
මේ හේතුවෙන් බුලත්කොහුපිටිය සහ ලැවල ග්‍රාම නිලධාරී වසම් හි සංචරණ සීමා පැනවීමට පියවර ගෙන ඇති බව වාර්තා වේ.
එම පිරිසෙන් වැඩි ප්‍රමාණයක් මාළු වෙළදාමෙහි නිරත පුද්ගලයින් වේ.
මෙම ආසාදිතයින් ගේ ආශ්‍රිතයින් ඉක්මනින්ම සොයා ස්වයං නිරෝධනයට යොමු කිරීමට කටයුතු කරන අතර ආසාදිතයින් හැකි ඉක්මනින් රෝහල් ගත කිරීමට පියවර ගන්න බවට බුලත්කොහුපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය අමිල ගුණසේකර මහතා පවසා තිබේ.
