News

කොවිඩ් රෝගීන් ප්‍රතිකාර ලබන රෝහල් සහ මධ්‍යස්ථාන

මෙරට හඳුනා ගෙන ඇති සමස්ථ කොවිඩ් ආසාදිතයින් ගණන 11060ක් වන අතර සුවය ලබා රෝහල් වලින් පිට වූ ගණන 505ක් වේ.

දැනට 5,700 කට වැඩි සක්‍රීය තත්ත්වයේ සිටින රෝගීන් දිවයින පුරා රෝහල් 36 ක සහ ප්‍රතිකාර මධ්‍යස්ථාන 9 ක සිටින බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.

දැනට ආසාදිත තත්ත්වයේ සිටින රෝගීන් වැඩිම ප්‍රමාණයක් ප්‍රතිකාර ලබන්නේ පූනානි ප්‍රතිකාර මධ්‍යස්ථානයේය.

පූනානි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ මේ වන විට 659ක් ප්‍රතිකාර ලබමින් සිටියි.

මාලඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහලේ 496ක්, ගල්ලෑල්ල ප්‍රතිකාර මධ්‍යස්ථානයේ 453ක්, බිංගිරිය ප්‍රතිකාර මධ්‍යස්ථානයේ 431ක්, කන්දකාඩු මධ්‍යස්ථානයේ 362ක්, කොළඹ IDH රෝහලේ 196ක්, කහගොල්ල මධ්‍යස්ථානයේ 184ක්, ඇඹිලිපිටිය මධ්‍යස්ථානයේ 183ක්, කඹුරුගමුව රෝහලේ 146ක්, කාත්තන්කුඩි රෝහල 144ක්, වතුපිටිවල මධ්‍යස්ථානයේ 137ක් වශයෙන් කොවිඩ් රෝගීන් ප්‍රතිකාර ලබයි.