News

මරණ පරීක්ෂණයට ගිය පොලිසියේ 5ක් නිරෝධනයට

කොරෝනා වෛරසය ආසාධිත මියගිය තරුණයෙකුගේ පරීක්ෂණ කටයුතුවලට සහභාගි වූ පානදුර පොලිසියේ නිලධාරීන් 5 දෙනෙකු ස්වයං නිරෝධනයට ලක් කිරීමට අද (02) පියවර ගෙන ඇති බව වාර්තා වේ.

පා​නදුර කොට්ඨාස අපරාධ ස්ථාන පරීක්ෂණාගාරයේ නිලධාරිනියක් ඇතුළු නිලධාරීන් සිව් දෙනෙකු හා පානදුර පොලිසියේ සුළු පැමිණිලි අංශයේ පොලිස් නිලධාරියකු මෙලෙස නිරෝධායට ලක් කර ඇත.

පානදුර ප්‍රදේශයේ ඉකුත් 31 වෙනි දින 27 හැවිරිදි තරුණයෙක් ගෙන වැලලාගෙන මිය ගොස් තිබේ .

ඔහුගේ පශ්චාත් මරණ පරීක්ෂණයට සමගාමීව සිදු කළ පි සි ආර් පරීක්ෂණයේදී එම තරුණයාට කොරෝනා වෛරසය ආසාදිත වී ඇති බවට අනාවරණය වීමත් සමඟ පරීක්ෂණ කටයුතු වලට සහභාගි වූ පොලිස් නිලධාරීන් මෙලෙස නිරෝධානයට යොමු කළ බව වාර්තා වේ.