ඇඳිරිය තිබුණත් පිටකොටුවේ තොග කඩ ඇරලා
කොරෝනා අවදානම නොපවතින ආර්ථික මධ්‍යස්ථාන ක්‍රමිකව විවෘත කිරීමේ ක්‍රමයක් හඳුන්වාදෙනු ලබන බව ආර්ථික පුනර්ජීවන හා දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කරනවා.
ජනතාවට අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය සැපයීමේදී ආර්ථික මධ්‍යස්ථාන විවෘත කිරීමේ අවශ්‍යතාව බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කරනු ලැබුවා.
එමෙන්ම අවදානම් තත්වය පහව ගිය හා අවදානමක් නොමැති බව තහවුරු වූ ආර්ථීක මධ්‍යස්ථාන විවෘත කිරීමේ ක්‍රමවේදයක් හඳුන්වා දී ඇතැයි ද ඔහු සඳහන් කර ඇත.
මේ අතර අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය සැපයීම සඳහා පිටකොටුව ප්‍රදේශයේ තොග කඩ ද හෙට (3) සිට විවෘත කිරීමට පියවර ගෙන ඇත.
