News

22 සහ 23 වැනි කොරෝනා මරණ දෙකත් වාර්තා වේ

තවත් කොරෝනා අසාදිතයින් දෙදෙනෙකු කොළඹ ජාතික රෝහලේ දී  මිය ගොස් ඇති බව වාර්තා වේ.

වයස අවුරුදු 81 ක සහ 68 ක කාන්තාවන් දෙදෙනෙක් එලෙස මියගොස් ඇත.

මියගිය දෙදෙනාගේ මරණ හදිසි මරණ ලෙස සළකන අතර එම දේහයන් ජාතික රෝහලට ගෙන ඒමෙන් පසුව සිදු කරන ලද පරීක්ෂණ වලදී ඔවුන්ට වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී ඇත.

ඒ අනුව වාර්තාවන සමස්ත කොරෝනා ආසාදිත මරණ ගණන 23 ක් දක්වා ඉහළ ගොස් ඇත.