News

වරායවල මාළු කරෝල වලට අරගෙන

පසුගිය දින 7 තුල බේරුවල ධීවර වරායට යාත්‍රා මගින් රැගෙන ආ මාළු කිලෝ ලක්ෂ 6ක් මීගමුවේදී කරවල වෙළඳුන් සඳහා අලෙවි කළ බව ධීවර වරාය නීතිගත සංස්ථාවේ වැඩබලන සාමාන්‍යාධිකාරි ජනක මුදලිගේ මහතා සඳහන් කරනවා.

මෙයට හේතු වශයෙන් සඳහන් කලේ පෑලියගොඩ මත්ස්‍ය තොග වෙළඳසැල සහ අනෙකුත් සියලුම මාළු වෙළඳසැල් වසා තිබීම හේතුවෙන් මත්ස්‍ය තොග ඉතිරි වීමයි. ඒ අනුව මාළු තොග අස්වැන්නෙන් 95% කරවල සඳහා අලෙවි කළ බවත් ඉතිරි 5% ධීවර සංස්ථාවට හා අනෙකුත් මාළු ව්‍යාපාරිකයින් සඳහා අලෙවි කළ බවත් ඔහු සඳහන් කළා.