ඊයේ කොරෝනා ආසාදිතයින් වාර්තා වූ ප්‍රදේශ මෙන්න
ඊයේ(03) දිනයේ මෙරටින් කොරෝනා ආසාදිතයින් ගණන 409 ක් හඳුනා ගෙන ඇති බව කොවිඩ් -19 පැතිරිම වැළැක්විමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.
වැඩිම ආසාදිතයින් පිරිසක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් හඳුනා ගෙන ඇති අතර ආසාදිතයින් 146ක් ගම්පහින් හඳුනා ගෙන ඇත.
දෙවෙනියට වැඩිම ආසාදිතයින් පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති අතර ආසාදිතයින් 122ක් කොළඹින් වාර්තා වී ඇත.
කළුතර දිස්ත්‍රික්කයෙන් නව ආසාදිතයින් 47 දෙනෙකු, ගාල්ල දිස්ත්‍රික්කයෙන් 19 දෙනෙකු, කෑගල්ල සහ රත්නපුර දිස්ත්‍රික්කවලින් ආසාදිතයින් 12 දෙනා බැගින් ඊයේ දිනයේදී හදුනාගෙන තිබේ.
කුරුණෑගල, නුවරඑළිය, හම්බන්තොට, මොනරාගල, බදුල්ල, මාතලේ, මහනුවර, අම්පාර, මඩකලපුව සහ පුත්තලම යන දිස්ත්‍රික්කවලින් ද නව ආසාදිතයින් හඳුනාගෙන ඇති බව වාර්තා වෙයි.
මේ අතර පොලිස් නිළධාරින් 05 දෙනෙකු සහ පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරින් සිව් දෙනෙකු ද ඊයේ හඳුනාගත් කොවිඩ් -19 ආසාදිතයින් අතරට අයත් ය.
