ජාඇල කොවිඩ් ආසදිතයෝ 33ක්
ජාඇල ප්රදේශ කිහිපයකින් කොවිඩ් ආසාදිතයන් 33ක් සොයාගෙන ඇත. ඒ බව ජාඇල සෞඛ්ය වෛද්ය නිලධාරි එස්.ඩබ්.එම්.වයි. විජේසිංහ මහතා සඳහන් කරනවා.
එම ආසාදිතයන් 33 වාර්තා වී ඇත්තේ කදාන ප්රදේශයෙන් 28ක් ,මාඑළිය සහ බටගමින් ආසාදිතයන් දෙදනෙක්, ජාඇල නගර සභා කොට්ඨාසය තුලින් එක් අයෙක් සහ තවත් දෙදෙනක් මෙලෙස සොයාගෙන ඇත.
ඒ අනුව ජාඇල ප්රදේශයේ සමස්ත ආසාදිතයන් 203 වන බවද පරිපාලන මහජන සෞඛ්ය පරික්ෂකවරයා සඳහන් කරනවා. පුද්ලයින් 2000 කට ඉතා ආසන්න ප්රමාණයක් පීසිආර් පරික්ෂණ සදහා යොමුකර ඇත.
