News

පාර්ලිමේන්තුව අද පස්වරු 1.00ට රැස්වෙයි

කතානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව අද පස්වරු 1.00ට රැස්වීමට නියමිතව තිබෙනවා.

රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමත්‍ය ධූරයේ නැවතත් දිවුරුම්දීමෙන් අනතුරුව පාර්ලිමේන්තුව රැස්වන පළමු අවස්ථාව මෙය වනවා.

මේ අතර පාර්ලිමේන්තු සැසිවාරයට පෙර විශේෂ පක්ෂ නායක රැස්වීමක් අද පාර්ලිමේන්තු සංකීර්ණයේදී දහවල් 12.00ට කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතයි.

මේ අතර පාර්ලිමේන්තු සැසිවාර කිහිපයක්ම වර්ජනය කළ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී කණ්ඩායම අද දිනයේ පාර්ලිමේන්තු සැසිවාරයට සහභාගි වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා.

ඔහු සඳහන් කළේ සන්ධාන මන්ත්‍රී කණ්ඩායම අද පාර්ලිමේන්තුවේ විපක්ෂයේ අසුන් ගන්නා බවයි.

මේ අතර පසුගිය දිනවල තාවකාලිකව වසා දමා තිබූ මහජන ගැලරිය, ආරාධිත ගැලරිය සහ විශේෂ ආරාධිත ගැලරිය යළි විවෘත කිරිම සම්බන්ධයෙන් ද මෙම පක්ෂ නායක රැස්වීමේදී සාකච්ඡා කිරීමට නියමිතව තිබෙනවා.