News

නිධන්ගත රෝගවලින් පෙළෙන අය ගැන දැඩි අවධානයක් යොමු කරන්න

මේ දිනවල පවතින තත්ත්වය අනුව නිධන්ගත රෝගවලින් පෙළෙන පුද්ගලයන් සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු කළ යුතුව ඇතැයි කොළඹ ජාතික රෝහලේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් පැවසීය. නිධන්ගත රෝගවලින් පෙළෙන පුද්ගලයන්ගේ රෝග තත්ත්වයන් උත්සන්න වීමට පෙර වහාම රෝහල්ගත කිරීමේ අවශ්‍යතාවද එම ප්‍රකාශකයා පෙන්වා දෙයි.

කොරෝනා වයිරසය බෝවීමට ඉඩ ඇතැයි හෝ නිධන්ගත රෝග සඳහා නිසි ප්‍රතිකාරයක් රෝහල තුළදී නොලැබෙනු ඇතැයි සිතා හෝ රෝගීන් රෝහල්ගත කිරීම ප්‍රමාද වීම ඔවුන්ගේ ජීවිත හානියට හේතුවක් විය හැකි බවත් හෙතෙම කියා සිටියි.

පසුගිය දින කීපය පුරාම ජාතික රෝහල වෙත ඇතුළත් කළ නිධන්ගත රෝගවලින් පෙළුණ පුද්ගලයන් රෝහලට ඇතුළත් කරන විටම මියගොස් සිටි බවත්, ඇතැම් රෝගීන් රෝහල්ගත කර සුළු වේලාවක් තුළ මරණයට පත් වූ බවත් ඔහු සඳහන් කරයි.

ශ්‍රියන්ති විජේසිංහ