රාගම පොලිස් ස්ථානාධිපතිවරයාට කොවිඩ්
රාගම පොලීසියේ පොලිස් ස්ථානාධිපතිවරයාට කොවිඩ් අසාදිත බව තහවුරු වී ඇත. කොවිඩ් -19 පැතිරිම වැලැක්විමේ ජාතික ක්‍රියාන්විත මාධ්‍යස්ථානය ඒ බව සඳහන් කරනවා.
මීට අමතරව ඊයේ දිනය තුල පොලිස් නිලධාරීන් 85 දෙනෙකු කොවිඩ් ආසාදිත බව තහවුරු කරගෙන ඇත. මේ අනුව දිවයින පුරා පොලිස් නිලධාරීන් 358 දෙනෙකු කොවිඩ් ආසාදිත බව හඳුනා ගෙන තිබේ. ඉන් 199ක් ම ආසාදිතයින් බස්නාහිර පළාතේ සේවයේ නියුතු පොලිස් නිලධාරීන් බව පැවසේ.
