News

වෛද්‍ය ක්‍රිෂාන්තට බොරු චෝදනා නැගූ  වෛද්‍යවරියට නඩු දාන බව ගාලු ප්‍රජාව කියයි

කරාපිටිය ශික්ෂණ රෝහලේ පිළිකා ශල්‍ය වෛද්‍ය ඒකකයේ විශේෂඥ වෛද්‍ය ක්‍රිෂාන්ත පෙරේරා මහතාට එරෙහිව බොරු චෝදනා නගා එතුමාගේ කීර්ති නාමයට හානි කළා යැයි එම රෝහලේම සේවය කරන සේනානයක නම් වෛද්‍යවරියට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව ගාල්ල කොමියුනිටි වෙනුවෙන් තුසිත විජේතිලක හා අනුර බටුවත්ත නම් මහත්වරුන් කියයි.

මොවුන් මේ අදහස් දැක්වූවේ ක්‍රිෂාන්ත පෙරේරා වෛද්‍යවරයා බොරු චෝදනාවලින් ගලවා ගැනීම වෙනුවෙන් සංවිධානය කළ මාධ්‍ය හමුවක් අමතමිනි.

ක්‍රිෂාන්ත පෙරොරා වෛද්‍යවරයා ගාල්ල නගරයට සම්පතක් බව පෙන්වා දෙන මොවුන් රාජකාරියෙන් ඔබ්බට ගොස් කැපවී සේවය කරන මෙවන් වෛද්‍යවරුන් රැකගැනීම මුලු රටේම වගකීමක් ලෙසද කියා සිටී.

මෙම වෛද්‍යවරයාගේ නිර්දෝශී භාවය ඔප්පු කරමින් එකතු කළ අත්සන් 2000ක ලේකනයක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත යැවූ බවත් ජනාධිපතිවරයා එය පිළිගනෙ ඇති බවත් මෙහිදී මොවුන් කියා සිටියේය.

චෝදනා නගන වෛද්‍යවරිය තමන් ගැබිනියක බවත් ක්‍රිෂාන්ත පෙරේරා වෛද්‍යවරයා ඇයට පහර දුන් බවත් පවසමින් ගාල්ල ළමා හා කාන්තා කාර්යාංශයේ පැමිණිලි කර තිබුණත් මේ වන විට ඇයට තමන්ගේ ගර්භණී භාවය ඔප්පු කිරීමටත් පහරදුන් බව ඔප්පු කිරීමට නොහැකි වී ඇති බව කියයි.

මේ නිසා චෝදනාවට ලක්ව සිටි ක්‍රිෂාන්ත පෙරේරා නිදොස් කොට නිදහස් කර ඇති බව පවසන මොවුන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අභ්‍යන්තරව විසඳා ගැනීමට තිබුණු සුලු ප්‍රශ්නයක් පොලිසිය දක්වා රැගෙන ගිය බවද කියයි.

එම මාධ්‍ය හමුව පහත වීඩියෝවෙන් බලන්න.

 

 

සබැඳි පුවත් ….

දරුගැබ විනාශකරන මෙන් පවසමින් විශේෂඥ වෛද්‍යවරයා තරුණ වෛද්‍යවරියට අමානුෂික ලෙස පහර දීලා

https://bit.ly/3n0NGi6